ආනන්ද සමරසේකර අත් අඩංගුවට නොගන්නේ ඇයි? අධිකරණය CIDයෙන් විමසයි.
හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අත් අඩංගුවට නොගැනීම පිළිබඳව හේතු පැහැදිලි කරන ලෙස කොළඹ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයෙහි විනිසුරු ලියෝන් ට්‍රොට්ස්කි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ආනන්ද සමරසේකර අධිකරණ වෛද්‍ය නිලධාරියා වරදකරුවකු බවට පසුගිය දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් තීරණය කර තිබුණු අතර ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 06කට තහනම් කිරීමට ද තීන්දු කර තිබිණි.
එසේම මේ වන විට වෛද්‍ය ආනන්ද සමරසේකර නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එක් එක් පුද්ගලයින් හරහා පණිවිඩ පිට පණිවිඩ යවමින් තමන් රජයේ සාක්ෂිකරුවකු වී සියල්ල හෙළිදරව් කිරීමට සූදානම් බව ප්‍රකාශ කරමින් සිටින බවද සදහන්.