ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රවිරාජ් ඝාතනය: නිදොස්කොට නිදහස් කළ නාවික නිලධාරියා අත්අඩංගුවට ගන්න – අභියාචනාධිකරණය

නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් ලූතිතන් කමාන්ඩර් ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි වහාම අත්අඩංගුවට ගන්නැයි අභියාචනාධිකරණය අද (27) නියෝග කළා. ලූතිතන් කමාන්ඩර් ප‍්‍රසාද් චන්දන මෙම නඩුවේ දී නිදොස් කර නිදහස් කළ නාවික හමුදා නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක්.

ඝාතනයට ලක්වූ නඩරාජා රවිරාජ්ගේ බිරිඳ අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කෙරුණා. විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුව අහෝසි කර එම නඩුව ජූරි සභාවක් නොමැතිව නැවත විභාගයට ගන්නා ලෙසයි ඇය සිය පෙත්සම මගින් ඉල්ලා අැත්තේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර තිබියදී මහාධිකරණය විසින් ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කිරීම නීති විරෝධි බව පෙත්සමෙන් පෙන්වා දී තිබුණා.