ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මාධ්‍යවේදී මෙල් ගුණසේකර ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුට එරෙහි නඩුවේ තීන්දුව විත්තිකරු වරදකරු කරමින් මරණ දඬුවම කොළඹ මහාධිකරණයේදී අද (05) ප්‍රකාශයට පත් කෙරුණා. කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද  එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2014 පෙබරවාරි මස 02 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ල ප්‍රභූතිපුරදී සොරකමකට නිවසට අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා නිවසේ සිටි මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් මත දොම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි දුරුලාන්දු ඇන්තනි රම්සන් ජෝර්ජ් නමැති විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණා. විත්තිකරු, ඝාතනයට ලක්වූ මෙල් ගුණසේකර මෙනෙවියගේ නිවස පින්තාරු කිරීම සඳහා පැමිණි පින්තාරුකරු වනවා.