ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මුතුරාජවෙලට කුණු දැමීම ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි

මුතුරාජවෙල අභය භූමියට කැළි කසල බැහැර කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මුතුරාජවෙල අභය භූමියට කොළඹ මහනගර සභාව මගින් කසළ බැහැර කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉකුත් (14) වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබුණා. මුතුරාජවෙල ප්‍රදේශයේ අදාළ බිම් කොටස පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබියදී එම ප්‍රදේශයට කොළඹ මහ නගර සභාවේ කසළ බැහැර කිරීම තුළින් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් පැනනැඟී ඇති බවත්, මේ හේතුවන නිසා එම ප්‍රදේශයට කසළ බැහැර කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ප්‍ර දේශවාසීන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබුණු පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය කර තිබේ.

කොළඹ නගරය තුළ එකතු වන කැලි කසල මුතුරාජවෙල ප්‍රදේශයට බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්, පරිසරවේදීන් සහ ආගමික නායකයින්ද දැක්වූයේ දැඩි විරෝධයක්.