මාස තුනකට පොලීසිය ඉල්ලා මෛත්රී කැබිනෙට්ටුවේ නොන්ඩි වෙයි
නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය මාස 3ක් තමා යටතට ලබා දෙන්නේ නම් සියළුම සුපිරි හොරුන් ඇල්ලීමට තමන්ට හැකි බව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ පවසා තිබේ. කෙසේ වුවද කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව කතාබහ කරමින් සිටි ඇමතිවරුන් කිහිප දෙනෙක් ඒ පිළිබද අදහස් දැක්වූ බව වාර්තා වේ. එහි සිටි කුරුණෑගල දිස්ත්රික්කයේ එක් ඇමතිවරයෙක් පවසා ඇත්තේ ‘ලොක්කට ජනාධිපති කියලා අමතක වෙලාවත්ද?’ කියාය. ඊට පිළිතුරු දුන් තවත් ඇමතිවරයෙකු ‘මිනිහා තාම හිතාගෙන ඉන්නේ ග්රාමසේවක කියලා’ යැයි පැවසීය.
කතාව අසාගෙන සිටි ශ්රීලනිපයේ ඇමතිවරයෙක් කෙන්තියෙන් මෙන් ‘එයා කරයි, අල්ලස් කොමිසමෙන් දිල්රුක්ෂි අයින් කරලා මෙයාට ඕන කෙනෙක්නෙ දාගත්තේ, මොනවද අල්ලපු දූෂණ, මෙයා ඔය රෑට හීනෙන් පේන ඒවා මෙන ඇවිත් කැබිනට් එකේ දොඩවනව යැයි පැවසීමත් සමග සැවොම මහහඩින් සිනහසෙන්නටවිය.
