ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderUncategorized

වෙසක් දිනයේ කළුකොඩි ඔසවන වීරවංශගේ ප්‍රකාශයට භික්ෂූන් වහන්සේලාගේ විරෝධය.

පසුගිය මැයි පළමු දින ඒකාබද්ධ විපක්ෂය විසින් ගෝල්ෆේස් පිට්ටනියේ දී සංවිධානය කරන ලද මැයි රැළියේ දි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්වීරවංශ මහතා ජාත්‍යන්තර වෙසක් දිනට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ පැමිණිමට විරුද්ධව ශ්‍රි ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෙසක් දිනයදා කළු කොඩි ඔසවන ලෙසය.

මෙම අවස්ථාවේ සමස්ථ භික්ෂූන් වහන්සේලා විමල් විරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවේගය පළ කර සිටි. තමන්ගේ දේශපාලන අරමුණු සමඟ බුදුන් වහන්සේගේ 2561 වැනි තෙමඟුල සිහිපත් කරන මෙම මොහොතේ සම්බන්ධ නොකර ගන්නා ලෙසත්, ඉතා කාරුණිකව අප ඉල්ලා සිටිමු.  එසේම අප මේ සමරන්නේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරීමයි. මෙවැනි අවස්ථාවක ලංකාව පුරා බෞද්ධ කොඩි හා වෙසක් සැරසිලි අතර කළු කොඩි එසවීම බෞද්ධ අපිට සුදුසු ක්‍රියාවක් නොවන බව අප තරයේ වටහා ගත යුතුය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් හෝ වෙනත් කෙනෙකුගේ ප්‍රකාශයෙන් අප රටේ බෞද්ධයන් මෙම අවස්ථාවේ කළු කොඩි ඔසවනු ඇතැයි නොසිතමු. එහෙත් දේශපාලනයෙන් අඳබාලයන් විසින් සිදු කරන මෙවැනි ක්‍රියාවන් නිසා බෞද්ධකම යටපත් වී මෙවැනි ක්‍රියාවලට පෙළඹීමේ හැකියාවක් ඇත. එම නිසා සමස්ථ බෞද්ධ ජනතාවගෙන් හා ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාව බුදුන් වහන්සේට කරන නිග්‍රහයක් වශයෙන්ද, අප සලකමු. 

එම නිසා  කළු කොඩි වෙනුවට බෞද්ධ කොඩියක් ඔබගේ නිවසේ හා වාහනයේ ව්‍යාපාරික ස්ථානයේ සරසා ගෙන මෙම ජාත්‍යන්තර වෙසක් සැමරීමට අප සැම ශ්‍රද්ධාව මුල් කරගෙන ආමිස හා ප්‍රතිපත්ති පුජාව අගයමින් මෙම අගනා අවස්ථාව අප නිසි ප්‍රයෝජනය ගන්නා ලෙස අප සමස්ථ ලංකාවාසීන්ගෙන් භික්ෂූන් වහන්සේලා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටි.