ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අමරවීරට මැතිවරණ නීතිය පැටලෙයි

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩුවන ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී අසුන සඳහා ලැයිස්තුවේ ඊලඟට මනාප හිමි පියසේන ගමගේ මහතා නම්කොට යවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද (09) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළද නියමිත ක්‍රියාපටිපාටිය එය නොවෙයි.

මන්ද යත් යම් දිස්ත්‍රික්කයක මන්ත්‍රීධුරයක් හිස්වූ පසු මනාප ලයිස්තුවේ ඊලඟට නම් සඳහන් තැනැත්තාගේ නම මැතිවරණ මහලේකම් කාර්යාලයට නම් කොට යවන්නේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා විසිනි. පක්ෂ ලේකම්වරයෙකුට මන්ත්‍රීවරයෙකු නම් කළ හැක්කේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුරයක් පුරප්පාඩු වූ විටය.

එබැවින් මහින්ද අමරවීර පක්ෂ ලේකම්වරයෙකු ලෙස අද දින කරන ලද මෙම ප්‍රකාශය මැතිවරණ නීතිය ගැන අවබෝධයකින් තොරව කරනලද වැරදි සහගත බව තහවුරු වේ.