මාර්ග නීති කඩන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක්
පෞද්ගලික ආයතනයක් සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් අද (04) සිට ආරම්භ කරනබව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති පි්රයන්ත ජයකොඩි මහතා ප්රකාශ කරයි. අදාළ පෞද්ගලික ආයතනය මගින් ලබාදෙන වාහන 10 ක සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරනු ඇති. කොළඹ නගරයේ ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේදී දීපව්යාප්තව සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
එම සංචාරයේදි මාර්ග නීති සහ මංතීරු නීතිය උල්ලංඝණය කරන රියදුරන් දුටුව හොත් ගමන් කථන මගින් කොළඹ පාලක ස්ථානයට සහ ඉදිරියේ රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දීමට නියමිතයි.
එමගින් අදාළ රියදුරන්ගෙන් රථ වාහන නඩු ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. එලෙස ලබාගන්නා රථ වාහන නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නඩුව ලබාගත් පොලිස් නිලධාරියා සහ සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරියා නම් කිරීමට නියමිතයි.