ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

චුන්නාක්කම් හිටපු ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්.

ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ (2011 )  කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පොලිස් නිලධාරීන් සිදුකළ පහරදීමකින් මියයෑම සම්බන්ධයෙන් යාපනය, චුන්නාක්කම් පොලීසියේ නිලධාරීන් හය දෙනෙකුට යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගයකට අනුව බරපතල වැඩ සහිත වසර 10 සිරදඬුවමක් නියම කර තිබෙනවා. බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වු පිරිස අතර චුන්නාක්කම් පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාද වනවා.

ඔහුගේ මළසිරුර සොයාගැණුනේ කිලිනොච්චිය ප‍්‍රදේශයේ වැවක තිබියදීයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව චුන්නාක්කම් පොලිස් ස්ථානයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. නඩු විභාගය අතරතුරදී ඔවුන්ගෙන් දෙදෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේය.