විමල් සාගලට කෘතගුණ සලකයි
වාහන අවභාවිතාව සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි විමල් වීරවංශ මන්ත්රීවරයා හට ඇප ලබා ගැනීමට උදව් කිරීමට කෘතගුණ සැලකීම සඳහා ඔහු විසින් පවත්වාගෙන යන lankacnews වෙබ් අඩවියේ සාගල රත්නායක මහතා සහ රනිල් වික්රමසිංහ මහතා අගයකරමින් මේවනවිට පුවත් පල කරමින් සිටී.
මාස තුනකට අධික කාලයක් ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාරගතව සිටි වීරවංශ මහතාට ඇප ලබා ගැනීම සඳහා රනිල් වික්රමසිංහ මහතා සාගල රත්නායක මහතා හරහා සහයෝගය ලබා දී තිබිනි. පොලීසියභාර ඇමතිවරයා වශයෙන් සාගල රත්නායක මහතා ඇප ලබා දීමට විරුද්ධ නොවන ලෙස පොලීසියට උපදෙස් ලබා දී තිබුනි. විමල් වීරවංශ මන්ත්රීවරයාට ඇප ලැබුනේ එම එකඟතාවය සමගිනි. ඒ හේතුවෙන් ඇප ලබා පැමිණි වීරවංශ මන්ත්රීවරයා තම වෙබ් අඩවිය හරහා සාගල රත්නායක මහතා වෙනුවෙන් පුවත් පල කරන ආකාරයෙන් මේ බව හොඳින් තහවුරු වෙමින් පවතී. එහි එක් අවස්ථාවක් ලෙස මීතොටමුල්ල කුණුකන්ද නායයෙෑමේ ප්රශ්ණයට සාගල රත්නායක මහතාගේ මැදිහත්වීම අගයකරමින් පලකල පහත ප්රවෘත්තිය දැක්විය හැකිය.
