ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විමල්ගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

රජයේ වාහන 40ක් අවභාවිත කළැයි චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම  කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
තමාට ඇප ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව  විමල් වරවංශ මන්ත්‍රීවරයා විසින් කොළඹ මහාධිකරණයට ඇප අයඳුම්පතක් ඉදිරිපත් කර තිබේ.පොදු දේපල පනත යටතේ අවභාවිතාව රුපියල් 25000ට වැඩි අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂි කරුණු යටතේ පමණක් බැවින් මෙලෙස මහාධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොනු කිරීමට සිදු විණි.
කෙසේ වෙතත් අදාළ ඇප අයඳුම්පත සලකා බැලූ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය පවත්නා නීතියට අනුව ලබා දී ඇති බවය.ඒ අනුව  විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප කරන බව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දී තිබේ.