ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

රනිල්-මෛත්‍රී එකඟතාවයෙන් මුදල් මංගලට රවී විදේශ අමාත්‍යාංශයට – (EXCLUSIVE)

පසුගිය දින කිහිපය තුළ සමාජය තුළ කතාබහට ලක් වූ මුදල් අමාත්‍ය ධුරයෙන් රවී කරුණානායක මහතා ඉවත් කිරිම මේවනවිට ස්ථිර වශයෙන්ම සිදුවන බව අප වෙත වාර්තා වේ. මුදල් අමාත්‍ය ධුරයට මංගල සමරවීර මහතා යෝජනා වී ඇති අතර ඔහුගෙන් හිස්වන විදේශ කටයුතු අමාත්‍යධුරය රවී කරුණානායකට ඒ අනුව හිමි වේ.

රට තුල උද්ගතවී ඇති ආර්ථික අර්බුදයත් මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් සහ රවී කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගෙන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණයට එළඹ ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

මුදල් අමාත්‍ය ධුරය භාර ගැනීමට මංගල සමරවීර මහතා මුලින් අකමැත්ත ප්‍රකාශ කළද පවතින තත්වය හමුවේ එම අමාත්‍ය ධුරයේ වැඩකටයුතු භාරගැනීමට ඒ මහතා මේ වනවිට කැමැත්ත ප්‍රකාශ කොට ඇත.