ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගයට අපට එකගවීමට වුණා‘යි හිටපු අධිකාරිනිය කියයි

බැදුම්කර නිකුතුවට ඉදිරිපත් වු රුපියල් බිලියන 10 ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කළ නියෝගය හේතුවෙන් එම ලංසුවට අනුමැතිය දීමට සිදුවුණ බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ හිටපු අධිකාරී දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය හෙළි කළාය.

කරන්නට වෙන දෙයක් නොමැති හෙයින් එලෙස කිරීමට සිදුවු බවත් ඒ මහත්මිය බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කීවාය.

මහ බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තුවක රාජකාරී කළ තමා මෙම බැඳුම්කර නිකුතුව සිදු කිරීමට දින දෙකකට පෙර රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට ස්ථාන මාරූවීමක් ලබා පැමිණි බවත් මෙම බැදුම්කර වෙන්දේසිය තමාගේ මුල්ම බැදුම්කර වෙන්දේසිය වු බවත් ඒ මහත්මිය පැවසුවාය.

මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා දැනුම් දීමෙන් අනතුරුව සෙසු සාමාජිකයින්ද අදාළ ලේඛණයට අත්සන් කළ බව සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළේය.