ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

දකුණු අප්‍රිකාවට ලකුණු 88 ක ජයක්

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 88 ජයක් අත්කර ගනිමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (10 වැනිදා) සමත් විය. එම ජයග්‍රහණයත් සමග එක්දින ශ්‍රේණිගත කිරිම්හී පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි විය. ජයග්‍රහණය සදහා ලකුණු 385 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 296 ක් පමණි.

මංගල එක්දින ශතකය පන්දු 106 කින් සම්පූර්ණ කළ අසේල ගුණරත්න නමවැනි කඩුල්ල සදහා සුරංග ලක්මාල් සමග එක්ව පන්දු 67 කදී ලකුණු 97 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් විය. පන්දු 117 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 114 ක් ලබාගත් අසේල ගුණරත්නට පළමු අර්ධ ශතකය ලබාගැනීමට පන්දු 81 ක් වැය වූ අතර එතැන් සිට ශතකය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වූයේ පන්දු 25 ක් පමණි.