ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බත් ඔතන කොළ, රෙජිෆෝම් කෑම පෙට්ටි, ප්ලාස්ටික් වතුර බෝතල් තහනමක්.

ජනතාවගේ සෞඛ්‍යයට හා පරිසරයට හානිකරන අවම ප්‍රමිතියෙන් යුත් කෑමවර්ග ඔතන පොලිතීන් කොළ, රෙජිෆෝම් කෑම පෙට්ටි, ප්ලාස්ටික් වතුර හා බීම බෝතල තහනම් කිරීම හා විශාල කර්මාන්තයන්ගේ උඳුන් හා බොයිලේරු මගින් රසායනිකයන් පිටවීම පාලනය කිරීම ලබන වසරේදී දැඩි පියවර ගැනීමට රජය තීරණය කර ඇත.

මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර ඇමැතිවරයා ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් අනුව පත්කරන විශේෂඥ කමිටුවක නිර්දේශයක් අනුව මෙම කෘතිම ද්‍රව්‍ය තහනමට අමතර මයික්‍රෝන 40ට අඩු පොලිතින් භාවිතය ද තහනම් කරනු ඇත.

මේ පිළිබඳව කරුණු දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කේ. එච්. මුතුකුඩආරච්චි මහතා, පොලිතින් වෙනුවට ප්ලාස්ටික් හා දිරායන ප්ලාස්ටික් භාවිතා කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට පත්කරන ලද මෙම විශේෂඥ කමිටුවේ නිර්දේශය මත අවශ්‍ය රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරෙන නමුදු ඒ සඳහා සූදානම්වීමට ජනතාවට සහන කාලයක් දෙන බව කීය.