තැන්පතු කෝටි 350ක් ඉවත් කර ගනියි – සෙලාන් බැංකුව අනතුරේ.
ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව අවලංගු කිරීමත් සමඟ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.
මූල්ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානම මතුව තිබෙන්නේ අදාළ කොටස් මිලදී ගත් ජපන් ජාතික කෝටිපති ව්යාපාරිකයා වන මොටොහිකෝ හොම්මා (Motohiko Homma) සිය ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් ඔහු සතුව සෙලාන් බැංකුවේ තැන්පත් කර තිබූ තවත් රුපියල් කෝටි 350 (අමෙරිකානු ඩොලර් මිලියන 25) කට ආසන්න තැන්පත් මුදල ඉවත් කර ගැනීමට ගෙන ඇති තීරණය නිසාය.
මේ පිළිබඳව වාර්තා කරමින් මූල්ය වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එකවර මෙතරම් මුදලක් සෙලාන් බැංකුව වෙතින් ඉවත් කර ගතහොත් එය බැංකුවට දරාගත නොහැකි තත්ත්වයක් වනු ඇති බවය.
ජපන් ව්යාපාරික හොම්මා අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්රේලියාව, ජපානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක ව්යාපාර හිමි කෝටිපති ව්යාපාරිකයෙකි. හොම්මා මෙම ගනුදෙනුව සඳහා ඉදිරිපත් වී ඇත්තේ සෙලාන් බැංකුවේ ප්රධාන පෙළේ ගනුදෙනුකරුවකු වන පී. ගුණසේකර නම් මෙරට ව්යාපාරිකයකුගේ ඉල්ලීම පරිදිය.