ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

FCID රහස් වාර්තාවක් යෝෂිත අතට දුන් යහපාලන ඇමති කවුද..?

නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දූෂණයක් සිදුව ඇති බවට මුදල් ඇමැති රවී කරුණානායක හා වාරිමාර්ග ඇමැති විජයමුණි සොයිසා යන අමාත්‍යවරු දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලබා දී තිබූ තොරතුරු, ඒවා විමර්ශනය කිරීමටත් පෙර හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා අතට පත් කර ඇතැයි දැන ගැනීමට තිබේ. මේ සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙන තොරතුරු මත වහාම විමර්ශනයක් සිදු කොට එම වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ද දැන ගැනීමට ඇත.

මෙම රුපියල් මිලියන4012 ක මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා පසුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර ඒ පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එම පැමිණිල්ල සහිත ලිපිගොනුවේ පිටපතක් ආණ්ඩුවේ තවත් ඇමැතිවරයකු අතට පත් කිරීම සිදුව ඇති බවත් ඒ හරහා එම ලිපිගොනුව රාජපක්ෂවරුන් අතට පත්ව ඇති බවත් සැක කෙරේ. රාජපක්ෂවරුන්ට එරෙහිව තිබෙන චෝදනා යටපත් කිරීමට මෙම ඇමැතිවරයා කටයුතු කරමින් සිටින බවට බරපතළ චෝදනාවක් දැනටම එල්ල වී ඇති අතර ඔහුගේ ඇමැති තනතුර සම්බන්ධයෙන් ද ඉදිරියේ දී යම් පියවරක් ගැනීමේ සූදානමක් ඇති බවට ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මේ අතර එම ඇමැතිවරයා රාජපක්ෂ සමයේ දී එම පාලකයන් හා සමීපව කටයුතු කළ කොන්ත්‍රාත්කරුවකු ලවා සුවිසල් නිවාසයක් ගොඩ නගාගෙන ඇති අතර ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් පසුගිය දා අධිවේගී මාර්ගයක ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ඔහුට ලබා දීමට ද පියවර ගෙන ඇත.

කෙසේ නමුත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු ගැන ද මේ වන විට බරපතළ සැකයක් ඇතිව තිබේ. මහා පරිමාණ චෝදනා එල්ලව ඇති පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරනවා වෙනුවට සුළු සිදුවීම් සම්බන්ධයෙන් පමණක් ක්‍රියාත්මක වීම හා චූදිතයන් ගණනාවක් සමඟ එම පොලිස් කොට්ඨාසයේ ප්‍රධානියකු සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බවට තොරතුරු ද හෙළිව තිබේ.