ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීම නවතා සේවකයන් ස්ථිර කළ යුතුයි.

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමේ වැඩපිළිවෙලක් දියත් වන බවත් ඒ හරහා එම වරාය සේවකයන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අවධාරණය කරයි.
වරාය අධිකාරියට අදාල පනතට එරෙහිව යමින් හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි එම සංගමය අවධාරණය කරන්නේ. අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයන් මේ බව අවධාරණය කෙරිණි.
හම්බන්තොට වරාය වරාය අධිකාරිය යටතට පවරාගෙන සේවකයන් වරාය අධිකාරියේ ස්ථිර කිරීම වෙනුවට ඔවුන් මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් දියත් වන බවයි එම සංගමය අවධාරණය කරන්නේ.
වරාය පාඩු ලබන බවත්, ණය ගෙවීම සඳහා විකල්පයක් නොමැති බවත් පවසමින්, පනතට එරෙහිව යමින් වරාය පෞද්ගලීකරණය නවතා එය වරාය අධිකාරිය යටතට පත්කොට සේවකයන් ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු කළයුතු බව වරාය පොදු සේවක සංගමය අවධාරණය කරයි.