පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට..!
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් පහසු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේය. සිම්බාබ්වේ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 155ක පහසු ඉලක්කය පන්දුවාර 24.3 කදී කඩුලු දෙකක් පමණක් වැයකර පසුකර යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.
පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 21කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 41කට දැවී ගියේය.ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය සිල්වා නොදැවී ලකුණු 78 රැස්කිරීමට සමත්වූයේය. ඔහු රෝෂන් දික්වැල්ල හා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 84ක සබඳතාවක් ගොඩ නැංවීය. ධනංජයද මෙහිදී රැස්කළේ සිය දෙවැනි එක්දින අර්ධ ශතකයයි. එසේම එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවද වෙයි.
මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 41.3කදී සියලු දෙනා දැවී ලකුණු 154ක් රැස්කිරීමට සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 155ක පහසු ඉලක්කයක් හිමිවිය.සිම්බාබ්වේ කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියා වූ පීටර් මූර් ලකුණු 47ක් රැස්කළ අතර නායක ග්රැහැම් ක්‍රීමර් නොදැවී ලකුණු 31ක් රැස්කළේය.
සිය මංගල තරගයට ක්‍රීඩා කළ අසේල ගුණරත්න ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් දවා ගැනිමට සමත්වූ අතර සුරංග ලක්මාල් හා ණුවන් කුලසේකර කඩුලු දෙක බැගින් දවාගත්හ.
තරගාවලියේ දෙවැනි තරගය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අනිද්දා (16දා) පැවැත්වීමට නියමිතය.
Comments are closed.