ශ්රී ලංකාව ජයග්රහණය පෙනෙන මානයේ..!
රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ හරාරේ ක්රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වැනි දිනය වන ඊයේ (09 වැනිදා) තරගය නතර කරන විට පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටින සිම්බාබ්වේ කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී කඩුලු 7 දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180 පමණි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ජයග්රහණය සඳහා අද දිනයේදි සිම්බාබ්වේ කණ්ඩායමේ බිඳ හෙළීමට අවශ්ය කඩුලු සංඛ්යාව තුනකි. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීත් විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ නායක රංගන හේරත් කඩුලු පහක් බිඳ හෙළීමට සමත්විය. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 17න් 10කම හිමිකරුවා වූයේ රංගනය.
ශ්රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ලවන පීඩනය හමුවේ තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් හුදෙකලා සටනක නිරතවන ක්රේග් අර්වින් ලකුණු 65 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදීසිටින අතර අනෙක් අන්තයේ ඩොනල්ඞ් ටිරිපානෝ (නොදැවී 0) රැදී සිටියි.
.jpg)
Comments are closed.