ලක්ෂ 5ක කුලියට ඇමති නොවන මන්ත්රීන්ට සැප වාහන..!
ප්රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට මාසිකව රුපියල් ලක්ෂ 5 ක කුලී පදනම මත ලබාගත් වාහනය බැගින් සැපයීමට ආණ්ඩුව තීරණයකර ඇත. දැනට අදාළ මන්ත්රීවරුන්ට ප්රවාහන දීමනාව ලෙස ගෙවනු ලබන මුදල රුපියල් ලක්ෂ දෙකකි.
ඊයේ (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී ජනමාධ්ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ගයන්ත කරුණාතිලක පෙන්වා දුන්නේ ප්රාදේශීය සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් පසුගිය පාලනය ක්රියා කළ ආකාරයට ම මෙසේ වාහන සැපයීමට ආණ්ඩුව තීරණය කළ බවය. ඔහු සඳහන් කළ පරිදි මෙලෙස වාහන සැපයෙන්නේ කිසිදු අමාත්ය ධුරයක් නොදරන මන්ත්රීවරුන්ට ය.
මන්ත්රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්ර දී තිබියදී රුපියල් ලක්ෂ 5 ක කුලියට වාහන සපයන්නේ මන්දැයි කළ විමසීමට ඇමතිවරයාගෙන් නිසි පිළිතුරු නොලැබිණි.
Comments are closed.