කූඨ ලේඛන සැකසූ තිස්සට නොතීසි..!
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට ඔක්තෝබර් 19 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.
ඒ, පසුගිය ජනපතිවරණ සමයේ කූඨ ලේඛන සැකසී යැයි කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට වෙනුවෙනි.