ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

තාජුඩීන්ගේ පැහැරගත් අස්ථි කොටස් මාළඹේ සයිටම් එකෙන් මතුවේ..!

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ශිතකරණවල සුරක්ෂිතව තැන්පත් කර තිබූ වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස්  15 ත් 20ත් අතර සංඛ්‍යාවක් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ආනන්ද සරමසේකර විසින් පොහොර බෑග්වල බහා මාළඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගොස් ඇතිබවට අනාවරණය වන්නේ යැයි අද රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඉදිරිපිට ප්‍රකාශ කරනු ලැබුවේය. රහස් පොලිසිය විසින් මෙම ප්‍රකාශ කරනු ලැබුවේ වසීම් තාජුඩීන් ඝාතන නඩුව අද කැදවනු ලැබූ අවස්ථාවේ සාක්ෂි දෙමිනි.

ප්‍රධාන අධිකරණ  වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර තමන් විශ්‍රාම යෑමට දින කීපයකට කලින් මෙම අස්ථි කොටස් ඉවත් කරගෙන තිබෙන බවත් එම අස්ථි මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත ගෙන ගිය බවට වූ මෙම සාක්ෂි ලැබී ඇත්තේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයින් විසින් ලබා දුන් ප්‍රකාශ අනුව බවත් රහස් පොලිසිය අධිකරණ හමුවේ පවසා සිටියේය.

මේ කරුණු මත පදනම්ව මාළඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව විශේෂ පරීක්ෂණයක් කරන බවත් රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.