ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඖෂධ පනත ප්‍රමාද කලොත් සෞඛ්‍ය ඇමතිට එරෙහිව නඩු..!

ඖෂධ මිල පාලනය කිරීම සඳහා යෝජිත ජාතික ඖෂධ පනත ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මීට වසර එක හමාරකට පමණ පෙර ගෙනා මෙම පනත නොයෙක් හේතු ඉදිරිපත් කරමින් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද කරන බව එම සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.මෙම පනත ක්‍රියාත්මක වීම ප්‍රමාදවීම හරහා ඇතැම් ඖෂධවල මිල සියයට අටසිය ගණනකින් ඉහල ගොස් ඇති බවත් ඖෂධ මිල පාලනයට ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති කමින් ඇතැම් ඖෂධ සමාගම් හිතුමතේ මිල ගණන් ඉහල දමන බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.
එබැවින් මෙම තත්ත්වයට වහාම විසඳුමක් ලබා දීමට සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු නොකලහොත් ඔහුට විරුද්ධව අධිකරණය හමුවට යාම අනිවාර්ය වන බවද වෛද්‍ය බණ්ඩාර මහතා අවධාරණය කරයි.