අල්ලස් හා වරදාන පුදා ශ්රීලනිප සමුළුවට පිරිස සොයයි
කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් වන ශ්රීලනිප 65 වන සම්මේලනය සදහා පිරිස් සහභාගී කරවීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා විවිධ වරප්රසාද හා වරදාන පුදමින් පිරිස ගෙන ඒමට මැති ඇමතිවරුන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම රැකියා ලබා දෙන බව පවසමින් අයදුම් පත්ර බෙදීම මෙන්ම ජනතාවට විශේෂ සහන ලබා දෙමින් සමුළුව සදහා ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී.
අප වෙත තොරතුරු වාර්තා වෙන අන්දමට බදුල්ල දිස්ත්රික්කයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (CTB) රැකියා ලබා දෙන බව පවසමින් මේ වන විටත් අයදුම්පත්ර බෙදා හරිමින් පවතී. එයව ක්රියාත්මක වන්නේ නිමල් සිරිපාලද සිල්වාගේ මෙහෙයවීම යටතේය. එමෙන්ම ගාල්ල මූලික කරගනිමින් දකුණු පළාතේ ලංකා කනිජ තෙල් සංස්ථාවේ රැකියා ලබා දෙන බව පවසමින්ද කෑගල්ල, මාවනැල්ල, අරණායක හා රුවන්වැල්ල යන ප්රදේශවල විදුලි බල මණ්ඩලයේද අයදුම්පත්ර තරුණ තරුණියන් අත බෙදා හරිමින් පවතී. මීට අමතරව ගම්පහ මිනුවන්ගොඩ ප්රදේශයේ වරාය අධිකාරියේ රැකියා අයදුම්පත්රද මේ වන විට බෙදමින් පවතී.
මේ අතර ලබන 04 වන දින කුරුණෑගලට පිරිස් සම්බන්ධ කිරීමට සක්රීය ලෙස මැදිහත් වෙන ලෙස එස් බී දිසානායක මහතා සමෘද්ධි නිළධාරීන්ට බලපෑම් කරමින් සිටී. සමෘද්ධිලාභී පවුල් වලින් අඩුම ගනනේ එක් අයෙකුවත් සම්බන්ධ කළ යුතු බවට ඔවුන්ට දැනුම් දී ඇත. සමෘද්ධී නිළධාරීන් වැඩි පිරිසක් මේ වන විට මහින්ද පාර්ශවය සමග කටයුතු කිරීම නිසා සමෘද්ධිලාභීන් සමුළුව සදහා ගෙන්වා ගැනීම මේ වන විට අභියෝගයක් වී තිබේ.