ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

ලයනල් මෙසී මාස 21 හිරගෙට

බදු වංචාවක් හේතුවෙන් ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී හට මාස 21 සිර දඩුවමක් ලබා දී තිබෙන බව වාර්තා වේ. ඔහුගේ පියාට එරෙහිවද එම චෝදනා එල්ල වී තිබෙන අතර දෙදෙනාටම පිළිවෙලින් යුරෝ මිලියන දෙකක් සහ යුරෝ මිලියන 1.5ක් ලෙස දඩ මුදලක්ද නියම කර තිබේ. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 56කි. කෙසේ වුවද මේ පිළිබද අදහස් දක්වමින් ලයනල් මෙසී පවසා ඇත්තේ තමන් මේ පිළිබදව කිසිවක් නොදන්නා බවයි.