එට්කා අවසන් අදියරේ – මලික් සමරවික්‍රම
ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිතව ඇති ETCA ගිවිසුම පිලිබද අවසන් සාකච්ඡා සහ එකගතාවයන් පැවැත්වෙන බවත් ඒ සියල්ල මෙම මාසයේදී අවසන් කරන බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පැවසූ බව ඉන්දියා ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. චීනය සමගද මෙවැනිම ගිවිසුම් වලට එලඹීමේ බලාපොරොත්තුවක් පවතින බවත් ඉදිරියේදී සිංගප්පූරුව, පකිස්තානය, දකුණු කොරියාව හා ජපානය යන රටවල් කරා දිගු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙන බව එම වාර්තාව සදහන් කරයි. එමගින් ඉන්දියානු සමාගම් වලට ලංකාවට පැමිණ එම රටවල් සමග පහසුකම් හා බදු සහන සහිතව ඍජුව ගණුදෙනු කිරීමේ හැකියාවක් ලැබෙන බවත් එව වාර්තාවේ සදහන් වේ.