ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-03

බයියන්ට නෙමෙයි දෙයියන්ට පේන්න

දැන් හෙට දිහාට ලක්ෂ පනස් අටක් බයියො සීනිගමට ඇවිල්ල පොල් ගහනවලුනෙ……. නිකං ගණන් හදල බැලුවම එක බයියෙක් එක පොලක් ගැහුවත් එතනම පොල් ලක්ෂ පණස් අටයි…. පොල්ගෙඩියට පණහ ගානේ තිබ්බොත් ලක්ෂ 2900යි….. මිලියන 290යි…. සාදු කියවෙනව නෙහ්…..?

 

ඔය ගොංබයියො ටික පොල්ගහන්න යන සීනිගම දේවාලෙ ගැන මට පුද්ගලික මට්ටමින් අත්දැකීම් කීපයක්ම තියෙනව…. ඉන් එකක් බෙදාගන්න හිතුණා රටේ පොල්වගාව ගැන හිතල කාරිය…

අපි ඉතිං ඊළඟ ආත්මේ අපායට යන්ඩ දතකට මැදගෙන ඉන්න නිරාගමික රැඩිකල් ඇනලිටිකල් බෞද්ධයෝ වුණාට අපේ අම්මලාගේ පැත්තේ කාරිය හොඳ ගුණයහපත් සාම්ප්‍රදායික බෞද්ධයෝ ඉන්නවනෙ….. එයින් එක්කෙනෙකුට ඕනෙ වුණා සීනිගම ගිහිල්ල බාරයක් වෙන්න….. සාමාන්‍යයෙන් ඔය අම්මලාගේ පැත්තේ කාට හරි දුර ගමනක් කාරිය යන්ඩ ඕනෙ වුණාම එක්කං යන්නෙ අපේ අම්මව….. මොකද අපේ අම්ම එක්ක ගමනක් ගියාය කියන්නේ ඇමරිකාවේ ත්‍රිවිධ හමුදාවෙන් එස්කෝට් දාගෙන ගියා වගේ තමා….

ඉතිං ඔහොම සීනිගම ගිය වෙලාවක පූජාවට්ටිය සෝදන්නෙයි කියල ගිහිල්ල එන ටිකට නැන්දගේ හෑන්ඩ්බෑග් එකේ තිබ්බ පර්ස් එක එළියට ඇවිල්ලලු……. ඒ පාර එළියට අරං ඇරලා බැලුවම ඇතුළේ තිබ්බ රුපියල් 500 කොළයක් නෑ ලු…… ඒ පාර විපරම් කරලා බලද්දී ඒ ළඟ ගෑණු කෙනෙක් කිව්වලු “ෂුවර් එකටම ඔය අහවලා (කෙනෙක්ව විස්තර කළාලු) වෙන්නැති ගන්න ඇත්තේ, මං දැක්කා ඌ මේ කිට්ටුව කරකැවෙනවා, ඕකත් එකයි උගේ තාත්තත් එකයි, උගේ තාත්ත තමා මූද මැද්දේ දේවාලෙ කඩලා දේවාභරණ ටිකට කෙළියේ…” කියල….

කොහොමින් හරි දැන් සල්ලි නෑ නෙ…… අම්මල ඉතිං ගිය වැඩේ කරගෙන ආපහු එන්න කාරිය ලෑස්තිවෙලා තේකක් බොන්න කඩේකට ගිහිල්ල වාඩි වුණාලු…… ඔන්න ටික වෙලාවකින් කඩේ ඉස්සරහ පට්ට වලියක්ලු…… බැලින්නම් කොල්ලො දෙන්නෙක් මරාගන්නවා….. බැලින්නම් එකෙක් අනිකාට බණිනවා අම්ම මෝ නැතුව, මොකටද, ඌ අරුගෙන් හොරකම් කරලා…. ලස්සනම වැඩේ කියන්නෙ මේ මරාගන්න දෙන්නගෙන් එකෙක් තමා අර නැන්දගේ පර්ස් එකට කොටපු “අහවලා”……. දැන් ඒ කියන්නේ හරියට බැලුවොත් බැතිමතාටත් කෙළවිලා, බැතිමතාට කෙළවපු හොරාටත් කෙළවිලා,ඒ හොරාගේ හොරාටත් කෙළවිලා, කොටින්ම මූද මැද්දේ දේවාලෙ කඩලා ආභරණ ටිකටත් කෙළවෙනකල් දෙයියෝ බලාගෙන ඉන්න පුල් මාවලස් පොට් එකක් තමා පිංවතුනි සීනිගම……

 

බයියන්ට නෙමෙයි දෙයියන්ට හරි පේන්න ෂෙයාර් කළාට වරදක් නෑ…..