ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-02

අගමැතිතුමා වෙත ප්‍රශ්න අටක්

ඔබ මේ රටේ අගමැති..!! ඒ කොහොමද ?? උපතින් ලැබුන්ද ?? නෑ.. මිනිසුන් තිබෙන පාලකාධිකාරය වෙනස් කර ඔබලාට වැඩි බලයක් දෙනවා.. මොකටද ?? වසර 10 කට වැඩි මහින්ද පාලනයේදී,30 අවුරුදු යුද්ධයක්ද නිමා කළ ඒ පාලනය ගෙදර යන්නේ ඇයි… සරලම උත්තරය මිනිසුන්ට ‘ප්‍රජාතන්ත්‍රවාදය’ඕනෑ වුනා.. විකෂයේ සිටි ඔබලා කියූ දේවල් ඔබට අමතක උනාට මිනිසුන්ට අමතක වෙන්නෙ නෑ.. මට ඔබගෙන් ප්‍රශ්න 8 ක් ඇසීමට අවශ්‍යයි..

 

1.) දැන් මේ ඔබගේ පාලන කාලයේ විශ්වවිද්‍යාල සිසුන් පාරට බැස්සා .. ඔළු පැළුවා.. කෙල්ලොන්ටත් එළව එළවා ගැහුවා.. ඒ විශ්ව විද්‍යාල සිසුන්ට සල්ලි දීල උද්ඝෝෂණ කරන්න කිව්වේ කවුද ??

 

 

2.) ගොවීන් වී විකුණාගැනීම වෙනුවෙන්, පොහොර ප්‍රශ්නය වෙනුවෙන් පාරට බැස්සා.. ගොවීන්ව සල්ලි දීල පාරට බැස්සුවේ කවුද ??

 

3.) ඇඹිලිපිටියෙ තරුණය මැරුන වෙලාවෙ මිනිස්සු පාරට බැස්සා… ඒ ඇඹිලිපිටියෙ මිනිස්සුන්ට සල්ලි දීල පාරට බැස්සුවෙ කවුද ?

 

4.) විල්පත්තුව බේරගන්න මිනිස්සු පාරට බැස්ස.. ඒ මිනිස්සුන්ට සල්ලි දීල පාරට බැස්සුවෙ කවුද ?

 

5.) මේ ඊයෙ පෙරේද වතුර ඉල්ලල මහනුවර ටවුමට මිනිස්සු රොක් උනා.. ඒ මිනිස්සුන්ට සල්ලි දුන්නෙ කවුද?

 

6.) අද (2016-02-18) දීමනාවක් ඉල්ලල වි.වි අනධ්‍යන සේවකයො පාරට බැස්ස.. එයාලට සල්ලි දුන්නෙ කවුද ??

 

7.) ගිය ආණ්ඩුව කාලෙ පාරට බැහැපු මිනිස්සුන්ට සල්ලි දුන්නෙ ඔබතුමාද ?

 

8.) ගිය ආණ්ඩුව කාලෙ පාරට බැහැල ඒ ආණ්ඩුව ගෙදර යවපු මිනිස්සු සහ මේ ආණ්ඩුවේ ජනතාවදී නොවන ක්‍රියාකාරිත්වයට එරෙහිව පාරට බහින මීනිස්සු කියන කුලක අතර බරපතල ඡේදනයක් තියෙනව කියල ඔබතුමාට තේරෙන්නෙ නැද්ද ??නැත්නම් තේරුනත් ඉන්දියාවට දුන්නු පොරොන්දුව නිසා මේව අමතක කරනවද ??

 

ඔබතුම උත්තර දීම අනිවාර්‍ය නැහැ.. හැබැයි මිනිස්සු උත්තර දේවි..!! ෂුවර් නැත්නම් මහින්ද මහත්තයගෙන් අහල බලන්න..!!