ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පසුගිය ජනවාරි මාසයේ දිවයිනට.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2026 වසර ආරම්භ කරමින් ජනවාරි මාසයේදී මෙතෙක් වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම වාර්තා කර තිබෙනවා.

පසුගිය මාසය තුළ සංචාරකයින් 277,327 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, එය 2025 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ 252,761 සීමාව අභිබවා යාමක්.

ජනවාරි මාසය තුළ සාමාන්‍යයෙන් දිනකට සංචාරකයින් 8,946 දෙනෙකු පැමිණ ඇති අතර, ජනවාරි 15 වැනිදා පමණක් සංචාරකයින් 10,483 දෙනෙකු පැමිණීම විශේෂත්වයක්.

වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 52,061ක්.

දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් 29,540 ලෙස එක්සත් රාජධානිය සහ 27,134 ලෙස රුසියාව හිමිකර ගෙන තිබෙනවා.

ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සියයට 20කින් සහ එක්සත් රාජධානියෙන් පැමිණි පිරිස සියයට 36කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, රුසියානු සංචාරකයින්ගේ පැමිණීම සියයට 26කින් පමණ පහත වැටී තිබෙනවා.

සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, 2026 වසරේදී අවම වශයෙන් සංචාරකයින් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීමට රජය ඉලක්ක කරන බවයි.

2025 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 2.36ක් පැමිණි අතර, එය එතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික අගයයි.