ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

‘යාපනය ආරක්ෂක සේනා මූල­ස්ථා­නය ඉවත් කිරීමට අදහසක් නෑ’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස; රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ යටගැසීමට පැන්ෂන්ගිය මේජර් ජනරාල් චාගි ගාල්ලගේ බොරු බේගල් ඇදබායි

සමාජය තුළ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳව ජනතාව තුළ යම් සැකයක් හා චකිතයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පෙනේ. මෙම තත්ත්වය අහම්බයක් නොවන අතර එය හුදෙක් ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමේ පුවතින් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා දියත් කළ පියවරක් ලෙස පෙනී යයි. මූල්‍ය විමර්ශන සහ චෝදනා ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප‍්‍රශ්න කිරීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ සිරීලිය ගිණුම සම්බන්ධ ගනුදෙනුයි. විවිධ පුද්ගලයින් සහ ආයතන විසින් අවස්ථා 88 කදී එම ගිණුමට මුදල් බැර කර ඇති අතර අවස්ථා 129 කදී එම ගිණුමෙන් පෞද්ගලිකව මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වේ. මෙම බරපතළ මූල්‍ය චෝදනාවලින් රාජපක්ෂ පවුල කෙරෙහි ඇති මහජන විරෝධය සමනය කිරීම සඳහා ඔවුන් මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර ඇත.

ශිරන්ති රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ තොරතුර සමාජගත වීමත් සමග ඒ පිළිබඳව පවතින සමාජ අවධානය වෙනතකට හැරවීමට පෙරට එන්නේ මේ විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේය.ඔහු ඒ සඳහා සිය මුහුණු පොත යොදා ගනිමින් පලාලි යුද කඳවුර ඉවත් කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇතැයි පැවසෙන පෝස්ටුවක් පල කරන්නේ රාජපක්ෂ වරුන්ගේ වුවමනාවටය.රාජපක්ෂ වරුන් සිය ආරක්ෂාව සඳහා මේ ආකාරයට සිය සමීපතමයන් යොදවා ගන්නේ කිසිම ලැජ්ජවක් බයක් නැතුවමය.ඒ සඳහා රාජපක්ෂ වරුන්ට අපූරු හැකියාවක් හා පලපුරුද්දක්ද පවතී.ශිරන්ති හා නාමල්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිඳු කරන විමර්ශනය ගැන පවතින සමාජ අවධානය චාගි ගාල්ලගේ විසින් සිදු කරන අනාවර⁣ණයෙන් යටපත් වෙනු ඇතැයි රාජපක්ෂ වරුන් සිතූ බව පැහැදිලිය.

හිටපු හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මෙම මෙහෙයුම සඳහා රාජපක්ෂ හිතවාදී විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යොදා ගැනීම කනගාටුදායක තත්ත්වයකි. රාජපක්ෂ හිතවාදියෙකු ලෙස සැලකෙන ඔහුගේ ඉතිහාසය දෙස බැලීමේදී 2015 වසරේ එවකට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගේ කාර්යාලය අසල අවිආයුධ සහිතව නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කළ පිරිසේ ප‍්‍රධානියෙකු ලෙස ඔහු හඳුනාගෙන තිබුණි.

එකල බුද්ධි අංශ විසින් ඒ පිළිබඳ වාර්තා ලබාගෙන තිබුණද මහින්ද රාජපක්ෂ සහ මෛත‍්‍රීපාල සිරිසේන අතර ඇති වූ දේශපාලන එකඟතාවයන් හේතුවෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම මඟහැරී ගියේය. එසේ නොවන්නට ඔහුට එරෙහිව දැඩි දඬුවම් හිමිවීමට ඉඩ තිබුණි. සමාජ මාධ්‍ය හැසිරීම් රාජපක්ෂ හිතවාදී චාගි ගාල්ලගේ පසුබිම සහ දේශපාලන ක‍්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වීමට මූලික හේතුව වූයේ ඔහුගේ මුහුණුපොත හරහා ඔහු පළ කළ ඇතැම් පෝස්ට් හා ප‍්‍රකාශයන්ය. මෙමඟින් පෙනී යන්නේ තමන්ට එල්ල වන මූල්‍ය දුෂණ චෝදනාවලින් බේරීම සඳහා රාජපක්ෂ පාර්ශවය මෙවැනි පුද්ගලයින් යොදාගෙන ජාතික ආරක්ෂාව වැනි සංවේදී මාතෘකා අවභාවිතා කරන බවයි.

පලාලි හමුදා කඳවුර ඉවත් කරන බවට පැතිර යන පුවත රාජපක්ෂ හිතවාදීන්ට පමණක් නොව සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවටම ඉතා වැදගත් කරුණකි. ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය පථය තුළ පලාලි කඳවුර යනු උතුරු, නැගෙනහිර සහ උතුරු මැද යන ප‍්‍රදේශයන්හි ගුවන් කලාපීය ආරක්ෂාව තහවුරු කරන යුද හමුදාවේ මූලෝපායික වශයෙන් ඉතා වැදගත් මර්මස්ථානයකි. මෙවැනි පුවතක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ වී ඇත්තේ රාජපක්ෂවාදීන් ලෙස පෙනී සිටින පිරිසට කතාබහ කිරීමට මාතෘකාවක් ලබා දී ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමයි. විශ‍්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විසින් සිදු කරන ලද ප‍්‍රකාශ මීට කදිම නිදසුනකි. ඔහු තමන් දැරූ නිල ඇඳුමේ ගෞරවය පවා නොතකා ඉතා පහත් මට්ටමකට ඇද වැටෙමින් තම යුද වීරත්වය දේශපාලන අරමුණු වෙනුවෙන් පාවා දී ඇති බව පෙනී යයි. ඉතිහාසයේ කිසිදු මේජර් ජෙනරාල්වරයෙකු මෙලෙස සාමාන්‍ය සොල්දාදුවෙකුගේ මට්ටමටවත් නොගැලපෙන ලෙස හැසිරී නොමැති අතර ඔහුගේ මෙම ක‍්‍රියාකලාපය පිළිබඳව කනගාටු විය යුතුය. ඔහු ශවේන්ද්‍ර සිල්වා වැනි නිලධාරීන් සමඟ එකට සේවය කළ අයෙකු වුවද වර්තමානයේ ඔහුගේ ක‍්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක්විය යුත්තකි.

ඔවුන් සිතුවේ දේශප්‍රේමිත්වය රට ගිණි අවුලවුනු ඇති බවය.එහෙත් චාගි ගාල්ලගේ අසූචි කප්පරක් ඇඟ පුරා හලා ගෙන ඇති බව අපට හැඟේ.සිය රණ ශූරත්වය ඉතා නින්දිත ආකාරයට පාවා දෙමින් මේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයා සිදු කර ඇත්තේ රාජ ද්‍රෝහී ක්‍රියාවකි. ⁣රාජපක්ෂ හිතවාදී චාගි ගාල්ලගේ සිදුකරන මෙම ප‍්‍රකාශයන් යටතේ ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාව පවතී. දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 වන වගන්තියට අනුව රජයට එරෙහිව ජනතාව පෙළඹවීම, කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සඳහා පදනම් විරහිත මාතෘකා නිර්මාණය කරමින් ජනතාව නොමඟ යැවීම රාජ්‍ය විරෝධී වරදකි. මොහු දණ්ඩ නීති සංග්‍රහයේ රාජ්‍ය විරෝධී වැරදි යටතට ගැනෙන 120 වගන්තියෙන් කියවෙන පරිදි විරුද්ධත්වය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කර ඇත.

“..120.කතා කරනු  ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥා වලින් දැකිය හැකි නිරූපනවලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්සතොත් හෝ ඇවිස්සීමට තැත් කර තොත් හෝ නීතිය ක්‍රියාවේ යෙදවීමේදී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරව තොත් හෝ ඇති කරවීමට තැත් කර තොත් හෝ නිත්‍යනුකූල මාර්ග වලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටුවනු ලැබූ යමක් වෙනස් කරවීමට රජතුමාගේ වැසියන් උනන්දු කරතොත් හෝ රජතුමගේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධතාවය ඇති කරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරු වූද අසමගි වූද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය…”          

විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේ යොදවා ගනිමින් රාජපක්ෂවරුන් සිදු කරන ලද කුමන්ත්‍රණය අනාවරණය කිරීමට පෙර ඔහුගේ පැටිකිරිය පුරවැසියන් දැන ගත යුතුය. චාගි ගාල්ලගේ උපන් ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙකි.ඔහුගේ මව සිරිකොත කර්යාලයේ ලේකම්වරියකි. ඇය රංජන් විජේරත්න ගේ පුද්ගලික ලේකම්වරිය ලෙසද කටයුතු කෙරුවාය.එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයකු වූ හර්ෂ අබේවර්ධන විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේ මාමාය.ඒ කියන්නේ මවගේ සහෝදරයාය.හර්ෂ අබේවර්ධන අසූ නවය භීෂන සමයේදී ඝාතනය කෙරිණි.රන්ජන් විජේරත්න එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයා ලෙස පත් වන්නේ හර්ෂ අබේවර්ධනගේ ඝාතනයෙන් පසුවය.කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජාන ඇති චාගි ගාල්ලගේට ජනතා විමුක්ති පෙරමුණ වහ කදුරුය.පසු කාලයකදී මේජර් ජනරාල් චාගි ගාල්ලගේ හට ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශය බාර විය.රාජපක්ෂ වරුන්ට ඔහු රෙකමදාරු කරන්නේ රනිල් වික්‍රමසිංහය.ගෝඨාභය රාජපක්ෂගේද හුරතලකු වූ ⁣චාගි ගාල්ලගේ එතැන් සිට සිය රණවිරු කම උකසට තබා රාජපක්ෂ වරුන්ගේ වැසිකිලි හෝදන සට්ටැඹියකු බවට රූපාන්තරනය වූ බවට සාක්ෂි තිබේ.

පසුගියදා රාජපක්ෂ හිතවාදී චාගි ගාල්ලගේ විසින් ප‍්‍රධාන පුවතක් නිර්මාණය කරමින් ජනතාවට පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජය විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට නියෝග කර ඇති බවයි. මේ පිළිබඳව යුද හමුදාවේ ඉහළම මට්ටමෙන් අප කළ විමසීමේදී තහවුරු වූයේ මෙය සම්පූර්ණ අසත්‍ය පුවතක් බවයි. මේ සම්බන්ධයෙන් යාපනය ආඥාපති මේජර් ජෙනරාල් චන්දිමාල් පීරිස් මහතා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද නිල ප‍්‍රකාශ නිකුත් කරමින් මෙම පුවත ප‍්‍රතික්ෂේප කර ඇත. හමුදා ඉහළ නිලධාරියෙකු අප සමඟ පවසා සිටියේ එවැනි කිසිදු සාකච්චාවක් හෝ තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද අවදාරනය කලේ යාපනය ආරක්ෂක සේනා මූල­ස්ථා­නය එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදහසක් හෝ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්වත් පවත්වා නැති බවයි.

යාපනය ආරක්ෂක සේනා මූල­ස්ථා­නය එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදහසක් නෑ – අමාත්‍ය නලින්ද ජයතිස්ස

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් අප විශේෂ ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු. මෙවැනි අසත්‍ය ප‍්‍රචාර හුදු දේශපාලන ප‍්‍රකාශ ලෙස සලකා නොසලකා හැරීම භයානක විය හැකිය. ‍නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපීමට ඉඩ නොතැබිය යුතුය. 2015 රජය සමයේදී මෙන්ම වත්මන් රජය තුළද අප දකින දුර්වලතාවක් වන්නේ මෙවැනි අසත්‍ය මතිමතාන්තර වර්ධනය වීමට ඉඩ හැර පසුව ඒවා මර්දනය කිරීමට උත්සාහ කිරීමයි. මෙවැනි අසත්‍ය ප‍්‍රචාර රටේ දේශපාලන සෞඛ්‍යයට හා ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් බැවින් ඒ පිළිබඳව වහාම ක‍්‍රියාත්මක වී නීතිමය පියවර ගැනීම රජයේ වගකීමකි.

විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේට හදිසියේ මේ පණු අමාරුව වැළඳුනේ කවර හේතුවක් නිසාද යන්න තේරුම් ගැනීම අපහසු නැත. එලෙසම චාගි ගාල්ලේගේට වැළඳුන “රාජපක්ෂ පණු අමාරුවට” ආණ්ඩුව අනිවාර්යයෙන්ම බේත් දිය යුතුමය.එසේ නැති වුව හොත් තව අවුරුද්දක් ගෙවී යන විට මේ පණු අමාරුව රට පුරාම බෝ වෙන්නට ඉඩ හැකියාව පවතින බව ආණ්ඩුවේ ⁣මිල්ටෙරි කෙරුම්කාරයන් වටහා ගත යුතුය.