ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

“සතුටු රටක් Clean sri lanka ගමින් ගමට” වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වේ

Clean sri lanka වැඩසටහනට සමගාමීව පැවති “සතුටු රටක් Clean sri lanka ගමින් ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහන ඊයේ (27) සහ අද (28) මොනරාගල, බඩල්කුඹුර මො/නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

මෙහිදී ඉඩම් පිළිබඳ ගැටලු සඳහා විසඳුම්, උප්පැන්න සහතික,ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර,වැඩිහිටි ආධාරා,දේශීය විදේශීය රැකියා හා වෘත්තීය පුහුණුව, බටහිර හා ආයුර්වේද වෛද්‍ය සායන,ස්වයං ව්‍යාපාර ප්‍රවර්ධනය,අස්වැසුම ප්‍රතිලාභ පිළිබඳ ගැටළු විසඳීම,කම්කරු ගැටලු (ETF/EPF),අධ්‍යාපන වැඩසටහන් හා ගැටළු විසඳීම,නිවාස අවශ්‍යතා,මහජන නීතිය හා සාමය පිළිබඳ ගැටළු, විදේශ රැකියා,ගොවිජන,කෘෂිකාර්මික ගැටලු, ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීම,පළාත්, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවලට අදාළ ගැටලු,සමෘද්ධි ජීවනෝපාය,ආපදා ගැටලු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සපයනු ලබන සේවා,සංස්කෘතික හා සෞන්දර්යාත්මක වැඩසටහන්, කෘෂිකාර්මික වැඩසටහන්,ව්‍යවසායකත්ව සංවර්ධනය හා පාරිසරික වැඩසටහන්,මාර්ග සංවර්ධනයට අදාල ඉල්ලීම්,නිවාස සැලසුම් අනුමත කිරීමට අවශ්‍ය ලේඛන ආදී සේවාවන් 52ක් මෙම ජංගම සේවය තුළින් මහ ජනතාවට ලබා දුන්නේය.

මෙහිදී සබරගමු නර්තන සම්ප්‍රදාය මූලික කරගනිමින් උඩරට සහ පහතරට , නර්තන ශෛලියෙන් හැඩගැන්වුණු එකිනෙකට වෙනස් වූ අංගයන් ලෙස අංගම්පොර,සළු පාලිය,නොංචි කෝලම, යස ලෙන්චිනා කෝලම,අඩ බෙර කෝලම, යන සමාජයෙන් ගිලිහී යන සංස්කෘතික අංගයන් පාසල් දරුවන්ට හා මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව උදාකරන ලදී.දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රති ජීවක ඖෂධ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නාට්‍යයක් ද ඉදිරිපත් කරන ලදී.

මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති,වෙළඳ,වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර ගුණවර්ධන මැතිතුමා,මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතා,ප්‍රාදේශීය ලේකම්වරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද අතර මේ සඳහාසේවා ලාභීන් විශාල පිරිසකක් ඊයේ දින සහභාගී වන ලදී.

මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන,මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ අතර අද දිනයේ දී ද දවස පුරා මෙම වැඩසටහන පැවැත්වේ .