පස්වැනි සමාලෝචනය සඳහා IMF සහ ශ්‍රී ලංකාව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණේ
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත.
IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යකරණයක් හිමිවීමට නියමිතව තිබේ.