ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිටපු ඇමති හරීන් පාටියක් මැදට පැන යකා නටයි (වීඩියෝ)

හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහතා  කොළඹ CH & FC සමාජ ශාලාවේදී කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.

හරීන් ප්‍රනාන්දු මහතා ආවේගශීලීව හැසිරෙමින් අසභ්‍ය වචනයෙන් පිරිසකට බැණ වදින ආකාරය එහි දැක්වෙනවා.

අනතුරුව රැස්ව සිටි පිරිසගෙන් හූ හඬ නඟමින් හිටපු අමාත්‍යවරයාට විරෝධය එල්ල කිරීමත් සමඟ ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ 2Forty2 සංගීත කණ්ඩායම සහභාගි වූ ප්‍රසංගයක් කොළඹ CH & FC ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවත්වා තිබෙන අතර එම ප්‍රසංගය පැවැත්වෙන අතරතුර හිටපු ඇමතිවරයා එම ස්ථානයට පැමිණ තමාටද ගීතයක් ගායනා කිරීමට අවශ්‍ය බවයි දන්වා ඇත්තේ.

කෙසේවෙතත්, එම ඉල්ලීම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ හරීන් ප්‍රනාන්දු මහතා කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.