ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

නිශාරා ජයරත්න ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින දුමින්ද සිල්වාගෙන් ඩිවෝෂ් වෙයි

නිතිපති දෙපාර්තමේන්තුවේ නිළදාරිනියක් ලෙස කටයුතු කරන හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරී ලෙසද කටයුතු කල ජයරත්න මල්ශාලා අයිතිකරුගේ දියණියවන  නිශාරා ජයරත්න විවාවී සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතානයේ වරදකරුවී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින දුමින්ද සිල්වාගෙන් දික්කසාද වී ඇති බව වාර්තාවෙි.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස ද කටයුතු කළ නිෂාරා ජයරත්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ද තනතුරක් දැරුවාය.

එකළ නිතිපති ලෙස කටයුතු කළ දප්පුළ ලිවේරා මහතාගේ මාධ්‍යය ප්‍රකාශක ලෙස කටයුතු කළ නිෂාරා ජයරත්න සමග එකළ විවාහ ගිවිස ගෙන තිබෙි. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපති සම්බන්ධීකරණ තනතුරක් ඇති කරමින් පළමු වතාවට නීතිපතිවරයා හට මාධ්‍ය ප්‍රකාශිකාවක් ලෙස රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පත්කරනු ලැබූවා. එකල මෙම පත්කිරම නීති ක්ෂේත්‍රය තුළ ආන්දෝලනයට තුඩු දුන්නද එම තනතුර වසර දෙකක් පුරාවටම ක්‍රියාත්මක වුණා. 2019 අංක 28 දරණ චක්‍රලේඛය මගින් ඇතිකල නීතිපති සම්බන්ධීකරණ නිලධාරි තනතුර පසුව නීතිපති වු සංජය රාජරත්නම් මහතා විසින් අහෝසි කරන ලදි.

ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිවරයා විසින් සිරදඩුවම් විදිමින් සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දුන්පසු ඔළියට පැමිනි ඔහුට නිවාස අධිකාරියේ සභාපතිධුරයද ලබා දුණි. පසුව දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේන් දුන් නඩු තින්දුවකින් පසු ඔහු යළිත් සිරදඩුවම් නියම විය.

කෙසේ වෙතත් නිසාරා ජයරත්නගේ ඉල්ලිමට දුමින්ද සිල්වා කැමැත්ත පළ කරමින් ඇයට දික්කාසාදය ලබා දි ඇති බව වාර්ථාවෙි.

නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය යනු ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරයේ හිමිකරුවන ගාමිණී ජයරත්න මහතාගේ දියණියයි.