ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි… මහමැතිවරණය නොවැම්බර් මස 14 වනදා..!

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
   
ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි.

ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.

මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.