පාඨලී චම්පික රණවකගේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක පැදුරටත් නොකියා රටින් යන්නම යයි
යහපාලන රජයේ හිටපු කැබිනට් අමාත්‍ය වරයෙකු වූ පාඨලී චම්පික රණවක මහතාගේ දේශපාළන සගයෙකු වූ,මහනුවර දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කල හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා සිය දරු පවුලද සමග කැනඩාවට පදිංචිය සඳහා ගොස් තිබේ.
පාඨලී චම්පික රණවක මහතාගේ සියලු දේශපාළන සංවිධාන කටයුතු මෙන්ම හෙතෙම අමාත්‍ය ධූර හෙබවූ සමයේ එම අමාත්‍යාංශය මහනුවර දිස්ත්‍රික්කය තුල සිදුකල මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල සම්බන්ධීකාරක ලෙසද කටයුතු කල තුෂාර ස්වර්ණ තිලක මැතිවරණයක් කටේ තිබියදී සියලු දේපල විකුණා දමා ලංකාවෙන් පිටව ගියේ ඇයිදැයි මහනුවර දිස්ත්‍රික්කයේ දෙනෙකුට ප්රහේළිකාවක් වී තිබේ.
පාංඨලී චම්පික රණවක මහතාගේ මහනුවර දේශපාළන කටයුතු සඳහා තුෂාර ස්වර්ණතිලක සිටිය යුතුම වෙලාවක ඔහු රටින් ගියේ ඇයි දැයි මහනුවර බොහෝ දෙනා ප්රංශ්ණ කරති.
කුරුණෑගල රෝහලේ දොස්තර ෂාපිට එරෙහිව වඳ සැත්කම් චෝදනා එල්ලවු සමයේ මොහුද මහනුවර පේරාදෙනිය රෝහලේ එවැනි සැත්කම් සිදුකරන බවට අභුත චෝදනා කරමින් රට ගිනිතැබීමට හවුල් විය.
ඒ වගේම එම වකවානුවේම අතුරලියේ රතන හිමි විසින් දළදා මාලිමාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරමින් රට හමුවේ දැක්වු රංගනයට සියලු යටිතල පහසුකම් සැපවුයේද පාඨලී චම්පික රණවක මහතාගේ දේශපාළන සගයෙකු වු හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක විසිනි.
ඊට අමතරව මහාචාර්ය ඉලේපෙරුම මහතා ඇතුළු පරිසර සංවිධාන හා සිවිල් වැසියන් එකතුවී මහනුවර වායු දූෂණයට විසඳුමක් ලෙස දැනට වසාදමා ඇති A26 මාර්ගය යලි විවෘත කරන ලෙස ඉල්ලා සිදුකල සාමකාමී උද්ඝෝෂණයට මැරයිිි යොදවා පහරදුන්නේද හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලකය.











