පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව හා ඇගේ වත්කම් පිලිබදව CID විමර්ශන අරඹයි
පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රුපියල් ලක්ෂ 780 ක් වටිනා රේන්ජ් රෝවර් මෝටර් රථය සහ කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයෙන් කෝටි 15 කට ආසන්න මුදලකට මිලට ගත් නිවෙස පිළිබදව කළ විමර්ශනවලදී සොයා බලන අතර ඇය පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් පිලිබද විමර්ශන ආරම්ඹ කර තිබේ.
මියුමි හංසමාලි වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයේ 20 වැනි තට්ටුවේ පිහිටි නිවෙසක් මිලදි ගෙන තිබූ අතර පසුව එම නිවස අත හැර 23 වැනි මහලේ පිහිටි නිවෙසකට මාරුවී ඇත.
එම මාරු වූ නිවෙසේ කාමර 3 ක්, නානකාමර 3 ක්, බැල්කනි 4 ක් මුළුතැන් ගෙයක් සහ කෑම කාමරයකින් යුක්ත බව පොලිසිය කියයි.
පියුමි හංසමාලි එම නිවෙස වෙන්කර ගැනීමෙන් අනතුරුව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දිනෙක බොරැල්ල ප්‍රදේශයේ බැංකුවකට රුපියල් ලක්ෂ 50 ක් බැර කර තිබූ අතර පසුව රුපියල් මිලියන 87 ක මුදලක් ගෙවා තිබේ.
ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ එම නිවාස සහ දේපොළ වෙළෙදාම් ආයතනය සමග එකගතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
එම ගිවිසුමට අනුව 2023 අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 5 ක්, 2023 මැයි මාසයේ දී දෙවතාවකට මිලියන 143 ක් වශයෙන් ගෙවා දැමීමට එකගවී ඇත.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ එම මුදල් ගෙවා දැමීමට නියමිතව තිබුණද ඇය සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර තිබුණේ 2023 දෙසැම්බර් මාසයේ බවත් මේවන තෙක් එහි ඔප්පුව පියුමි හංසමාලි ගේ නමට ලියාපදිංචි කර නොමැති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
තවද පියුමි හංස මාලි සහ ඇයගේ සමීපතමයන් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් ද මේවන විට වාර්තා ලබාගෙන ඇති අතර බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද පැවැසේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිසිපත් රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරී සුජීව විජේසේන, සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ඉදිරි විමර්ශන සිදුකරති.