ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මාලිමාවේ ‌විශ්‍රාමික පොලිස් සමුහිකයෙන් දුෂිතයින් කැළමේ… ශානි ලා රවී ලා ගැන රටට ගතු කියන්නට පොලිසියේ විශ්‍රාමික කණ්ඩායමක් මාධ්‍ය හමුවක් කැඳවලා…

මාලිමාව විසින්  විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව පැවැත්වීමෙන් අනතුරුව ඉන් බොහෝ සේ කැළඹී ඇති දුෂිත පාලකයින් සහ ඒම පාලකයින්ට වන්දිබට්ටකකම් කල දුෂිත පොලිස් නිලදාරීන් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ආණ්ඩුව රැක ගැනීම සඳහා අද (13) විශ්‍රාමික පොලිස් කණ්ඩායමක්  කොළඹ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වේ.

මාලිමාව වටා රොක් වී සිටිනා විශ්‍රාමික පොලිස් සමූහයේ අතිශය බහුතරය කීර්තියක් සහිත නිලධාරීන් පිරිසක් වීම හේතුවෙන් ඇති වී තිබෙන තිගැස්ම මේ පිළිතුරු මාධ්‍ය හමුව කැඳවීමට සාධක වී ඇති බව දැනගන්නට ඇත.

මාලිමාව හා සම්බන්ධ වූ නිලධාරීන්ගේ චරිත හෙළි කිරීම සහ මාලිමාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව ඇති වෙමින් තිබෙනා ප්‍රසාදය විනාශ කිරීම මේ මාධ්‍ය හමුවේ ප්‍රධාන අරමුණ වී තිබෙන බවද වාර්තා වී තිබේ.

අද රැස්වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නමක් සහිත නිලධාරීන් වුව ද ඔවුන් පුද්ගලිකව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව වෛරයෙන් පසුවන පිරිසක් බවත්, විශ්‍රාම ගිය පසු රජයේ ඉහළම නිලතල දැරූ පිරිසක් බවත්, රජය සම්බන්ධව බරපතල ගැති මානසිකත්වයක් පවත්වාගෙන යන පිරිසක් බවත් දැනගන්නට තිබේ.

මේ අතර සමාජජාල මාධ්‍ය තුලද මේ වනවිට මෙම දුෂිතයින් විසින් මාලිමාවේ ‌විශ්‍රාමික පොලිස් සමුහිකයට ඒරෙහිව මඩ සහ අවදාල නගමින් පවතී.

කෙසේ වෙතත් පසුගිය කාලයේ දුෂිත රාජපක්ෂ පවුල සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ විශෙෂ වරදාන සහ තනතුර ලැබු ‌ඇතැම් පොලිස් නිලධාරීන් මෙලෙස මාලිම සමග හිටපු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ඒකතුවීමත් සමග දැඩි කළබලයට පත්ව තිබේ.

මෙම දුෂිත පොලිස් නිලධාරීන් පසුගිය සමයේ දුෂිත පාලකයින්ට වන්දිබට්ටකකම් කරමින් සිටි අතර පොලිස් කොමිෂමේ උසස් නිලධාරීන් පවා ඒම තත්ත්වයට ඇදවැටීම පිලිකුලසහගතය.