ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

විදුලි සැර වැදී පාසල් සිසුවියක් අකාලයේ මිලින වී යයි! මාස කිහිපයකට පෙර පියාත් අභිරහස් ලෙස මිය ගිහින්!

රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල දූව වත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියකි.

ඇය රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

විදුලි සැර වැදීමත් සමගම ඇය කෑ ගැසූ ශබ්දය ඇසී එහි පැමිණි අසල්වාසී කාන්තාවක විසින් කාමරයේ වැටී සිටි සිසුවිය පිළියන්දල දිසා රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ඇය මියගොස් තිබුණි.

සිසුවියගේ පියා මැලේසියාවේ හෝටලයක සේවය කරමින් සිටියදී 2023 වසරේ දෙසැම්බර් පළමුවැනි දින අබිරහස් ලෙස මියගොස් තිබූ අතර ඔහුගේ දේහය 2024 ජනවාරි 01 වෙනිදින මෙරටට එවීමෙන් අනතුරුව ඒ වන විට විදේශගතව සිටි මවද මෙරටට පැමිණ අවමංගල කටයුතු නිමවීමෙන් අනතුරුව යළි සෞදි අරාබියේ රැකියාව සඳහා මීට මාස කිහිපයකට ඉහතදී පිටත්ව ගොස් තිබූ බවයි වාර්තා වෙන්නේ.