ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ICC සාමාජිකත්වය අත්හිටුවයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වහා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. ICC මණ්ඩලය අද රැස්වී තීරණය කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සාමාජිකයෙකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බවත්, විශේෂයෙන් ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීම සහ පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම අවශ්‍ය බව ය.
අත්හිටුවීම පිළිබද කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇතැයි එම කවුන්සිලය නිවේදනය කළේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සදහා වන යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.