ජවිපෙට ෂම්මි සිල්වා ලොකු සල්ලියක් දුන්නද..? ඇමැති දාපු අර්ජුනගේ අතුරු කමිටුවට ජවිපෙ විරුද්ධ ඇයි..? ඊයේ ඡන්දය විමසන කොට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රීවරු තුන්දෙනා පාර්ලිමේන්තුවේ හිටියෙ නැත්තේ ඇයි..? අනුර ඇමරිකාවේ සිට පැමිණ අද පාර්ලිමේන්තුවේදී සියල්ලට පිලිතුරු දෙයි (වීඩියෝ)
ඊයේ (09) පැවති ක්රිකට් විවාදයේදී ජවිපෙට ෂම්මි සිල්වලා විසින් මුදල් ලබා දී ඇති බවට ප්රසන්න රණතුංග ඇමතිවරයා එල්ලකල අභූත චෝදනාවට සහ ඊයේ (09) දින ජවිපෙට එල්ල වූ චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට ඇමරිකානු සංචාරය නිමාකරමින් ඊයේ දිවයිනට පැමිණී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද පියවර ගත්තේය.
විපක්ෂයෙන් යෝජනාව ගෙනැවිත් ආණ්ඩු පක්ෂයෙන් ස්ථිර කළ පසු එන පොදු අදහස ඡන්දයක් නොමැති වීම බව යැයි මෙහිදී අනුර දිසානායක මහතා පැවසීහ. ඒ වගේම එහිදී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ තමන් ඡායාරූපවලින් හැරුණු විට ෂම්මි සිල්වා දැක හෝ නැති බවකි.