ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලබන 24 වැනිදායින් ලංකාවේ ඇති ඉතිරි Covid-19 එන්නත් තොගයත් කල් ඉකුත් වෙයි

ශ්‍රී ලංකාවේ පවතින අවසන් Covid-19 එන්නත් තොගය අගෝස්තු 24 වැනිදායින් කල් ඉකුත්වන බව  වාර්තා වේ. COVID-19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ මේ වන විට Sinopharm එන්නත් තොගයක්  ඉතිරි වී පවතින බවය.

“එබැවින්, ඕනෑම කෙනෙකුට එන්නත් කිරීම  සඳහා තවමත් යම් කාලයක් ඉතිරිවෙලා තියනවා. ඕනෑම කෙනෙකුට එන්නත් කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ට ළඟම ඇති MOH කාර්යාලයට පැමිණිය හැකියි, ” විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

මේ අතර,  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  සභාපති උපුල් රෝහණ,    ජාත්‍යන්තර සංචාරක අවශ්‍යතා සඳහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් එන්නත් සහතික ඉල්ලා ඇති එන්නත් නොකළ පුද්ගලයින් ගණනාවක් සිටින බවත්, ශ්‍රී ලංකාව තුළ COVID-19 එන්නත් නොමැති බවත් ප්‍රකාශ කර තිබුනේ යැයි ඩේලි මිරර් වාර්තා කරයි.

මිලියන අටකට අධික පිරිසකට Covid-19 එන්නත මේ වනවිට ලබාගෙන ඇත.