ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කළ පාර්ලිමේන්තුවේ අනංගයා මාට්ටු..! තවත් කිහිපදෙනෙක් ගැන ‌තොරතුරු හෙළිවෙලා..!

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ  රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන  ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් එහි  සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ තහනම් කරනු ලැබීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සේවිකාවන් මෙතෙක් ඉදිරිපත් කර ඇති තොරතුරු සැලකිල්ලට ගෙන  ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරිය  විසින් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා  පත්කරනු ලැබීය.

මෙම කමිටුව පත් කිරීමෙන් පසු සේවිකාවෝ පිරිසක් එම කමිටුව හමුවේ ස්වේච්ඡාවෙන් පෙනී සිට  තමන්ට සිදුවී ඇති හිංසන සම්බන්ධයෙන්  තොරතුරු රැසක්  අනාවරණය කළහ. සහකාර ගෘහ පාලක වරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ එම සේවිකාවන් ලබාදී  ඇති තොරතුරු  සැලකිල්ලට ගෙනය.

සේවිකාවන් එම හිංසන  සිද්ධීන්  සම්බන්ධයෙන්  තවත් නිලධාරීන් කිහිප දෙනකු ගැනද  තොරතුරු අනාවරණය කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන්ද  ඉදිරියේදී  ක්‍රියාමාර්ග  ගැනෙනු ඇතැයි වාර්තාවේ.

මේ අතර  මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම වැළැක්වීමට නිලධාරීන් සහ සේවකයන් පිරිසක් එම සේවිකාවන්ට විවිධාකාරයෙන් තර්ජන එල්ල කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන්ද පාලිමේන්තු  ප්‍රධානීන්ට තොරතුරු අනාවරණයවී ඇත. ඒ සම්බන්ධයෙන්ද කරුණු සොයා බලමින් සිටින බව පාර්ලිමේන්තු ප්‍රධානීහු  පැවසූහ.