බැසිල් කොල්ල කෑ ශ්‍රී පාදයේ ඉඩම් අරාබියට විකුණලා..! – (විශේෂ)
මේ රටේ ජනතාව තවදුරටත් ගොනාට ඇන්දවීම වෙනුවෙන් ජාතිය සහ ආගම හන්දියක් හන්දියක් ගානේ විකුණමින් සිටින රාජපක්ෂලාගේ සැබෑ නිරුවත දැන් හෙළිවෙමින් තිබේ.
මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වල ශ්‍රී පාද අඩවියට හෙලිකොප්ටරයක් ගොඩබස්සවා ඇති බව දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සීග්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ. එතැන අරාබි ජාතිකයින් පිරිසක් සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු දැකගන්නට තිබේ.
මේ පිළිබඳව අප කළ සොයා බැලීමකදී ශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන එම ප්‍රදේශය නල්ලතන්නි පොලිස් වසමට අයත් වන අතර මෙම ඉඩම් රාජපක්ෂ රෙජීමයේ ජාවාරම් සහ මුල්‍ය අංශයේ ප්‍රධානියා වන කුප්‍රකට බැසිල් රාජපක්ෂ විසින් ඒකාධිපති රෙජීම පාලන සමයේදී රජය සතු මෙම ඉඩම් කොල්ල කා ඇති අතර අනතුරුව ඔහු අරාබි ව්‍යාපාරිකයින් පිරිසකට මෙම ඉඩම විකුණා ඇති බව අනතුරුව ඔහු අරාබි ව්‍යාපාරිකයින් පිරිසකට මෙම ඉඩම විකුණා ඇති බව අනාවරණය විය.
රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට ජාවාරම් අංශයේ ප්‍රධානියා ලෙස ප්‍රකට බැසිල් රාජපක්ෂයා විසින් මෙම ඉඩම කොල්ල කා ඇත්තේ දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීමේ අටියෙන් බවත්, රටේත් ජනතාවගේත් වාසනාවට ජනවාරි 08 වනදා අමන රාජයක්ෂයින් පන්නා දැමීමෙන් අනතුරුව කුප්‍රකට බැසිලා විසින් සූක්ෂම අයුරින් මෙම ඉඩම අරාබි ජාතිකයින්ට විකුණා ඇති බවත්, මේ වන මෙම ඉඩම මිලට ගත් අරාබි ව්‍යාපාරිකයින් පිරිස මෙහි සංචාරක හෝටලයක් සෑදිමේ පිඹුරුපත් සකසමින් සිටින බවටත් වාර්තාවෙයි.
මෙම ව්‍යාපාරිකයන් පිරිස මෙහි පැමැණි පළමු වතාව මෙය නොවන බවත් කිහිප වතාවක් පැමිණ තිබෙන බවත් සඳහන්.
කෙසේ වෙතත් මවුසාකැලේ ජල පෝෂක කලාපය විනාශ කරමින් තැනෙන මෙම සංචාරක හෝටලයට එකළ සිටම ප්‍රදේශවාසීන් විරෝධය පලකර තිබෙන බවත්,ඊට විරෝධය පළකරමින් නල්ලතන්නි පොලීසියට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් වාර්තාවෙයි.
(Read srilanka)


Comments are closed.