ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතුයි..! කෝප් වාර්තාවේ නිර්දේශ මෙන්න..! – (වීඩියෝ)

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සෘජුවම වගකිව යුතු බව කෝප් කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

ඒ අනූව ඔහු ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ද එම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.  වගකිව යුතු පුද්ගලයින්ගෙන් හා  නිලධාරීන්ගෙන් එම අලාභය අයකර ගැනීමටත්, ඒ වෙනුවෙන්  අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවටත් කාරක සභාව නිර්දේශ කර ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

මහබැංකු බැඳුම්කර වෙන්දේසියේදි 2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ ගනුදෙනුවේදී හිටපු මහබැංකු අධිපතිවරයාගේ මැදිහත්වී‍මක් හා බලපෑමක් සිදුවී ඇති බව කෝප් කාරක සභාවේදී හෙළිදරව් වී ඇතැයි එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය බිඳ වැටී ඇති බවත්, චෝදනා ලබා සිටින පර්පචුවල් ට්‍රෙසරිස් ආයතනය විශාල ලාභයක් උපයාගෙන ඇති බවත් අනාවරණය වී ඇති බව හෙතෙම පෙන්වාදුන්නේය.

එම කටයුතු අවශ්‍ය අයුරින්ම සිදුවන්නේදැයි සොයාබැලීම සඳහා පසුවිපරමක් කිරීමටත්, ඒ අනූව එය මහබැංකුව විසින්ම සොයාබැලීමටත්, කෝප් කාරක සභාව නිර්දේශ කර ඇත.

තවද යළි මෙවන් තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමට සහතික විය යුතු බවද මහබැංකු බැඳුම්කර අලෙවියකදී ඒ ගැන සොයාබැලීමට විධායකය මගින් විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් පත්කළ යුතු බවද නිර්දේශ කර තිබේ.

තවද මෙම වාර්තාවේ නිර්දේශවලට කමිටු සාමාජිකයින්ගේ එකඟත්වයක් පළ වුවද එම වාර්තාව ගැන බෙදීමක් ඇති බව ද ඒ මහතා පැවසුවේය.

අවසන් වාර්තාව සැකසීමේදී පාදක සටහන් නොමැති වාර්තාව සාමාජිකයින් 9 දෙනෙකු ප්‍රතික්ෂේප කළ බවත්, පාදක සටහන් සහිත වාර්තාව සාමාජිකයින් 16 දෙනෙකු ප්‍රතික්ෂේප කළ බවත්, මන්ත්‍රීවරයා කීවේය.

BREAKING NEWS: ආන්දෝලනාත්මක කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට The COPE report on controversial CBSL Bond Issue presented in…

Posted by Newsfirst.lk on Thursday, October 27, 2016

Comments are closed.