ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

ක්‍රීඩකයන් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළහොත් තදබල පියවරක්…

වාර්ෂික කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව සඳහා කී‍්‍රඩකයින් ගිවිසුම් අත්සන් කිරීමට තවත් කල් ලබා ගන්නේ නම්, එළැඹෙන සිම්බාබ්වේ තරග සංචාරයට වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වනවා. ගිවිසුම් අත්සන් කිරීමට ලබාදුන් කාලය අද (20) දහවල් 12.00 න් අවසන්වේ. ක්‍රීඩකයන් යම් හෙයකින් ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළහොත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තදබල පියවරක් ගැනීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් පැවසීය.

නව කී‍්‍රඩක කොන්ත‍්‍රාත් ගෙවීම් සම්බන්ධයෙන් පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ දිනේෂ් චන්දිමාල් ඊයේ (19) රාත‍්‍රියේ කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා සමග සාකච්ඡාවකද නිරත වුණා.එ් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේදීයි. ඔවුන් එහිදී මෙම නව කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුමේ ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

කාණ්ඩ 4 ක් යටතේ පසුගිය වසරේ (2015) මාර්තු මස 01 වැනිදා සිට ගිවිසුම්ගතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු මේ වසරේ මාර්තු මස 31 වැනිදායින් අවසන් විය. එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ සෑම තරගාවලියකදීම ඔවුන් ක්‍රීඩා කළේ තරගාවලි කොන්ත්‍රාත් අත්සන් කිරීමෙනි.

නව වාර්ෂික කොන්ත‍්‍රාත්තුවෙන්, තරග දීමනා, ඉකුත් කොන්ත‍්‍රාත්වට වඩා අඩු කර තිබීම කී‍්‍රඩකයින්ගේ දැඩි අප‍්‍රසාදයට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඉකුත් වසරට සාපේක්ෂව සියයට 40 ක පමණ මුදලක් පළමු කාණ්ඩයේ සිටින කී‍්‍රඩකයින්ගෙන් අඩු වී තිබීමද කැපී පෙනෙනවා. කෙසේ කෙසේ වෙතත් සිම්බාබ්වේ සංචාරයට පමණක් විශේෂ කොන්ත‍්‍රාත්වක් යටතේ කී‍්‍රඩකයින් තරග වැදීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

නව වාර්ෂික කොන්ත‍්‍රාත්තුව අනුව පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින නායක ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ දිනේෂ් චන්දිමාල්ට රුපියල් ලක්ෂ 125ක් වාර්ෂික හිමිවනවා. දෙවන කාණ්ඩයට ඇතුළත් කී‍්‍රඩකයින්ට හිමිවන වාර්ෂික මුදල රුපියල් මිලියන 8ක්. තුන්වන කාණ්ඩයේ කී‍්‍රඩකයින් සඳහා රුපියල් මිලියන 6 ක් නව කොන්ත‍්‍රාත් ගිවිසුම අනුව හිමිවනවා.

Comments are closed.