ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සුනේත‍්‍රා ජයසිංහ අල්ලස්‌ කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කරයි..!

දිල්රුක්‌ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති විසින් පිළිගැනීමෙන් පසු අල්ලස් කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කර ඇතැයි වාර්තා වේ.

ඒ අනූව දැනට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙස කටයුතු කරන සුනේත‍්‍රා ජයසිංහ එම තනතුරට පත්කර ඇත. ඊයේ (19) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇය එම ධූරයේ කටයුතු කරන බව සඳහන්ය.

අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල් දිල්රුක්‌ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය පසුගිය 17 වන දා යොමු කර තිබු සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ පිළිගෙන ඇත.

Comments are closed.