ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනාධිපති ධූරයට සාලිය පීරිස් යෝජනා වෙයි

ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ සාලිය පීරිස් ජාතික ලැයිස්තුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට යෝජනා කරමින් හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙකු කතානායකවරයාට ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය කතානායකවරයාට යොමු කර ඇත්තේ, හිටපු ආණ්ඩුකාරවරු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, රජිත් කීර්ති තෙන්කෝන් හා අසාද් සාලි යන මහත්වරුන් තිදෙනා ය.

‍සියලු පාර්ශවලට එකඟ විය හැකි නිර්පාක්ෂික සහ ස්වාධීනව කටයුතු කළ සාලිය පීරිස් අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීම සුදුසු යැයි ඔවුන් රටේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මහ ජනතාවට යෝජනා කරන බව එම ලිපියේ දැක්වේ.

එමෙන් ම, රාජ්‍ය මර්දනය උත්සන්න වී රට ම අවදානම් තත්ත්වයක තිබුණු අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිඥවරුන් විශාල කාර්යභාරයක් සිදු කළ බව ත් ජන අරගලයේ විටෙක රැකවල්කරුවා මෙන් ම මැදිහත්කරුවා ද නීතිඥ සංගමය බව අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

එබැවින් ජනාධිපතිවරයා ලෙස සාලිය පීරිස් මහතා පත් කිරීමෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත හැකි පුද්ගලයෙකු, පක්ෂ සහ කණ්ඩායම්වලට අගමැතිවරයා ලෙස පත්කර ගත හැකි අතර සැබෑ අර්ථවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර, අරගලකරුවන්ට ද එකඟවිය හැකි පොදු එකඟතා ක්‍රියාත්මක කිරීමට ද හැකි බව එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

අදාළ ලිපිය පහතින් දැක්වේ.