ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දින ගණනාවක් සැගවී සිටි ජනපති පාර්ලිමේන්තුවට එයි

දින ගණනක් රට හමුවේ පෙනී නොසිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භය ට පැමිණ තිබේ.

අද (07) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර උදෑසන 10.15ට පමණ ජනාධිපතිවරයා සභාගර්භයට පැමිණියේය.

පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූ පරිදි ඊයේ (06) සහ අද දිනයේ දී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විවාදයක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කරමින් කථානායකවරයා සඳහන් කර සිටියේ, ඊයේ දිනය පුරා විවාදය පැවැත්වුණ ද මෙතෙක් අර්බුදයට සාර්ථක හෝ සාධනීය අදහස් ලැබී ඇත්තේ විරලව බවය.

එමෙන්ම සියලුම මන්ත්‍රීවරුන් සභාව තුළ වෙනදා මෙන් හැසිරීම කනගාටුවට කරුණක් බවත් අද දිනයේ දී හෝ එම කරුණු සිහියේ තබාගෙන විවාදය අවසානයේ සියලුදෙනාට එකඟ විය හැකි සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ හැකි ලෙස කටයුතු කරන ලෙස ද කථානායකවරයා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.